පාපන්දු ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති 2026 FIFA ලෝක කුසලාන තරගාවලිය අද (ජූනි 11) මෙක්සිකෝවේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ වේ. කණ්ඩායම් 48කගේ සහභාගීත්වයෙන් සහ තරග 104කින් සමන්විත මෙම දැවැන්ත ක්‍රීඩා මංගල්‍යය ජූලි 19 වන දින දක්වා පැවැත්වේ.
මෙම ලෝක කුසලානය සුවිශේෂී වන්නේ FIFA ඉතිහාසයේ ප්‍රථම වතාවට රටවල් තුනක් ඒකාබද්ධව සත්කාරකත්වය ලබා දෙන පළමු තරගාවලිය වීම හේතුවෙනි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය සපයයි.
තරගාවලිය ඇමරිකාවේ නගර 11ක, මෙක්සිකෝවේ නගර 3ක සහ කැනඩාවේ නගර 2ක ඇතුළුව මුළු නගර 16කදී පැවැත්වේ. පෙර පැවති තරගාවලිවලට වඩා වැඩි කරමින් මෙවර කණ්ඩායම් 48ක් තරග වදින අතර, සමස්ත තරගාවලිය පුරා පැවැත්වෙන තරග සංඛ්‍යාව 104කි. පාපන්දු ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන මෙම තරගාවලිය කෙරෙහි ලොව පුරා පාපන්දු ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් දැඩි උනන්දුවකින් පසුවෙති.
















