27 April 2024
#දේශීය

මහමැතිවරණය කවදාද ? තීරණය අදත් කල් යාවිද?

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දිනය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (08) මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වෙනු ඇත.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් උපදෙස්වලට අනුව මැතිවරණයට අදාළ කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධයෙන් එහිදී දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමඟ සාකච්ජා කරනු ඇති.
මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ මැතිවරණය පැවැත්වීම බොහෝ විට තව කල් යාමට ඉඩ කඩ ඇති බවයි. මන්ද තවමත් රට යථාතත්ත්වයට නිසි ලෙස පත්නොවීම හේතුවෙන් බව වාර්තා වේ.

මේ අතර, හෙට දිනය වනවිට දිස්ත්‍රික්ක දෙකක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කිරීමට හැකිවනු ඇති බව රජයේ මුද්‍රණා දෙපාර්තමේන්තුව පවසයි.

මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේකෂකයින්ගේ මනාප අංක ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමටද මේ වනවිට සියලු කටයුතු සූදානම්ව ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව මහ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *