27 April 2024
#දේශීය

ප්‍රතිපත්ති වෙනස් කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් නැහැ – රාජ්‍ය අමාත්‍ය රංජිත් විපක්ෂ නායකට පිළිතුරු

එක් කණ්ඩායමක් හෝ පිරිසක් වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් මුදල් අමාත්‍යාංශය සූදානම් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සේවකයන්ගේ පමණක් විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ එවැනි ආර්ථික වටපිටාවක ශ්‍රී ලංකාව නොමැති බවයි. මෙය මුදල් අමාත්‍යාංශය අමානුෂික ලෙස හැසිරීමක් ලෙස හුවා දැක්වීම අසාධාරණ බව හෙතෙම පෙන්වා දෙයි. පවතින ආර්ථික වටපිටාව තුළ සියලුම ආයතන සම්බන්ධයෙන් නොවෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අමාත්‍යාංශයට සිදුව ඇති බව සියඹලාපිටිය මහතා කියා සිටියි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *