27 April 2024
#දේශීය

රටේ ඉදිරි ගමනට රාජ්‍ය ආයතනයක මූල්‍ය විනය ඉතාම වැදගත් – උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල

ඕනෑම ආයතනයක විනය වැදගත් දෙයක් විශේෂයෙන් රාජ්‍ය ආයතනයක මූල්‍ය විනය ඉතාම වැදගත් සාධකයක් රටක් විදිහට අපට ඉදිරි ගමනක් යෑමට මූල්‍ය විනය ඉතාමත් වැදගත් බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව පැවසූයේ උතුරු මැද පළාත් පාලන ආයතන වල මූල්‍ය කළමනාකරණ පිළිබඳ ඩිප්ලෝමාව හැදෑරූ නිලධාරීන් සඳහා ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි. 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා ,ආයතනයක හා රටක අනාගතය හා පැවැත්ම රඳා පවතින්නේ මූල්‍ය විනය මතයි. එම මූල්‍ය විනය පවත්වා ගැනීම සඳහා මෙම ඩිප්ලෝමාව ඉතාම වැදගත් දෙයක් ලේකම්වරු, ගණකාධිකාරිවරුන් වැනි නිලධාරීන්ට ආයතනයේ පවත්වාගෙන යෑමට මෙවැනි පුහුණු නිලධාරීන් සිටීම ඉතාම වැදගත් එමෙන්ම මෙහි ප්‍රතිඵල රටේ ජනතාවට ලැබෙනවා මෙම පුහුණුව මගින් කාර්යක්ෂම සේවාවක් මෙන්ම වගකිව යුතු සේවාවක් ජනතාවට ලැබෙනවා යැයි පැවසීය.

උතුරු මැද පළාතේ පළමු වතාවට මෙම ඩිප්ලෝමා පාඨමාලාව පැවැත්වීම විශේෂත්වයකි උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් මෙම ඩිප්ලෝමා පාඨමාලාව සංවිධානය කළ අතර පළාත් කළමණාකරන සංවර්ධන හා පුහුණු ඒකකය මගින් මේ පැවැත්විය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය මගින් මෙම පාඨමාලාව මෙහෙයවීම සිදු කෙරිණි.

යුරෝපා සංගමයේ මූල්‍ය ප්‍රදානය මත එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන පළාත් පාලන ධාරිතා සංවර්ධන ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය හා එක්ව පළාත් පාලන මූල්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හඳුන්වා දෙන ලදී.

පළාත් පාලන ආයතන මගින් ජනතාව වෙත සපයන ලබන සේවාවන්හි කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සමස්ත අරමුණ කොටගෙන ගිණුම් සහකාර නිලධාරීන් විමර්ශන නිලධාරීන් සංවර්ධන නිලධාරීන් සහ පළාත් පාලන ආයතන වල ලේකම්වරුන් ඇතුළු 36 දෙනෙකු සඳහා ඩිප්ලෝමා මෙහිදී සිදු කෙරිණි

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය මෙහෙයවීම සහ අධීක්ෂණය යටතේ දිවයිනේ ප්‍රමුඛ සහ ජේෂ්ඨ විද්වත් මඩුල්ලකින් සම්පත් දායකත්වයෙන් පැය 250 ක කාලයක් ආවරණය කරමින් රුපියල් මිලියන 14.6 මේ සඳහා ආයෝජනය කළේය

මෙම අවස්ථාවට උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, වරලත් ගණකාධිකරණ ආයතනයේ සභාපති ජී, කනක සභාපති, දාරිතා සංවර්ධන උපදේශන රොමේෂ් කදිරවේළු, වරපත් ගණකාධිකරන ආයතනයේ රාජ්‍ය අංශයේ උපදේශක ආනන්ද අමරවංශ, පළාත් අමාත්‍යාංශ ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන කොමසාරිස් එන්.එච්.ආර්. නිශාන්ත සහ ආයතන ප්‍රධානීන් ඇතුළු පිිරිසක් එක්වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *