• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සීනෝර් සහ නෝර්ත් සී රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර ප්‍රතිසංවිධානයට සැලසුම්

20 May 2026
in පුවත්, විදෙස්
සීනෝර් සහ නෝර්ත් සී රාජ්‍ය ආයතන  ඒකාබද්ධ කර ප්‍රතිසංවිධානයට  සැලසුම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ධීවර ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා සීනෝර් (Ceynor) සහ නෝර්ත් සී (North Sea) යන රාජ්‍ය ආයතන ද්විත්වය එකිනෙක ඒකාබද්ධ කර, නවීන තාක්ෂණය යටතේ ප්‍රතිසංවිධානය කිරීමට රජය සැලසුම් කර ඇතැයි ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නෝර්වේ තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සමඟ ධීවර අමාත්‍යාංශයේදී පසුගියදා (18) පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදීය.
මෙම ආයතනික ප්‍රතිසංවිධානය හරහා යාපනය, ලුණුවිල සහ වීරවිල යන ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක වන ධීවර දැල් නිෂ්පාදන මධ්‍යස්ථාන උසස් ප්‍රමිතියෙන් සහ නවීන පහසුකම්වලින් යුත් ආයතන බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ධීවර ක්ෂේත්‍රයේ පවතින අධික ඉන්ධන පිරිවැය අවම කිරීම අරමුණු කරගනිමින්, බැටරි බලශක්තිය සහ ‘Hydrogen Cells’ වැනි හරිත බලශක්ති තාක්ෂණයන් (Green Energy Technology) මෙරට ධීවර කර්මාන්තයට හඳුන්වාදීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ දැනට පවතින යුරෝපා සංගමයේ (EU) අනුමැතිය ලත් මත්ස්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන 44ක් උපයෝගී කරගනිමින්, නෝර්වේ සමාගම් සමඟ ඒකාබද්ධ ව්‍යාපාර (Joint Ventures) ආරම්භ කිරීමේ ඇති හැකියාව පිළිබඳව ද ඇමැතිවරයා කරුණු පැහැදිලි කළේය. මීට අමතරව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සමඟ ක්‍රියාත්මක පර්යේෂණ ව්‍යාපෘති තවදුරටත් දීර්ඝ කිරීමටත්, නෝර්වේ රාජ්‍යයේ සාර්ථක ‘ආපදා සූදානම් වීමේ සැලසුම්’ (Preparedness Plan) මෙරට ධීවර ක්ෂේත්‍රයට හඳුන්වාදීමටත් දෙපාර්ශ්වය අතර එකඟතාව පළ විය.
මෙරට ධීවර ක්ෂේත්‍රයේ පවතින පුළුල් ආයෝජන අවස්ථා අධ්‍යයනය කිරීම සඳහා නෝර්වේ රාජ්‍යයේ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායමකට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ද අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙහිදී නිල වශයෙන් ආරාධනා කර සිටියේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා ද, නෝර්වේ තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ටෝමෝඩ් නූලන්ඩ් (Mr. Tormod Nuland) සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ ගෞරවනීය කොන්සල් ජනරාල් මනෝ සේකරම් (Mr. Mano Sekaram) යන මහත්වරු ද සහභාගි වූහ.
Post Views: 2
Previous Post

ආශුගේ සුනඛ සිද්ධියට හිරුණිකා ‘සොරි’ කියයි

Next Post

ලබන සැප්තැම්බර් දක්වා විදුලි ගාස්තු වැඩිවීමක් නෑ

Editor TTV News

Editor TTV News

Next Post
ලබන සැප්තැම්බර් දක්වා  විදුලි ගාස්තු වැඩිවීමක් නෑ

ලබන සැප්තැම්බර් දක්වා විදුලි ගාස්තු වැඩිවීමක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීතිවිරෝධී රූපවාහිනී  සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

20 May 2026
විදේශ රැකියාවල නියුතු  දෙමාපියන්ගේ දරුවන්ට  මසකට රුපියල් 10,000ක  විශේෂ දීමනාවක්

විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ දරුවන්ට මසකට රුපියල් 10,000ක විශේෂ දීමනාවක්

20 May 2026
කුමාර් සංගක්කාරගේ  රාජස්ථාන් රෝයල්ස් ලක්නව් පරදා  IPL 2026 ප්ලේ-ඕෆ් බලාපොරොත්තු  ඉහළ නංවා ගනියි

කුමාර් සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් ලක්නව් පරදා IPL 2026 ප්ලේ-ඕෆ් බලාපොරොත්තු ඉහළ නංවා ගනියි

20 May 2026
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ  ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් අතර  විශේෂ හමුවක්

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් අතර විශේෂ හමුවක්

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීතිවිරෝධී රූපවාහිනී  සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලයි

20 May 2026
විදේශ රැකියාවල නියුතු  දෙමාපියන්ගේ දරුවන්ට  මසකට රුපියල් 10,000ක  විශේෂ දීමනාවක්

විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ දරුවන්ට මසකට රුපියල් 10,000ක විශේෂ දීමනාවක්

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved