උතුරු පළාතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය නංවාලීම සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය විසින් දැවැන්ත වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එහිදී ප්‍රතිලාභීන් 120 දෙනෙකුට අක්කරයක මුහුදු කකිරි වගා ව්‍යාපෘති සඳහා නිර්දේශිත ලිපි ප්‍රදානය කර තිබේ.
ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) විසින් කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
මෙම ව්‍යාපෘතිය යටතේ සාමාජිකයන් 6 දෙනෙකුගෙන් යුත් නිෂ්පාදක කණ්ඩායම් 20කට මූලික අඩවි අනුමැතිය හිමි වූ අතර, එමඟින් වාණිජ කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන ජලජීවී වගා කළමනාකරණ බලපත්‍රය ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසේ. මුහුදු කකිරි වගාව යනු වෙරළබඩ ප්‍රජාවන් සඳහා තිරසාර, ඉහළ වටිනාකමක් ඇති ජීවනෝපාය මාර්ගයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙරට නිල් ආර්ථිකය (Blue Economy) නංවාලීමට, අපනයන ආදායම වැඩිකර ගැනීමට සහ විදේශ විනිමය උත්පාදනය කිරීමට එය විශාල පිටුවහලක් වන බව අවධාරණය කළේය.
















