තායිවාන රජය විසින් සිය වීසා ප්‍රතිපත්තිය යාවත්කාලීන කරමින්, ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා සංචාරක වීසා නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, රජයේ ආරාධනා මත, හුවමාරු ක්‍රියාකාරකම්, ඥාතීන් බැලීම, ව්‍යාපාරික කටයුතු, නෞකාවකට සම්බන්ධ වීම හෝ වෛද්‍ය ප්‍රතිකාර වැනි විශේෂිත කාණ්ඩ යටතේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයන්ට වීසා සඳහා ඉල්ලුම් කිරීමට තවදුරටත් අවස්ථාව පවතියි. එම විශේෂිත කාණ්ඩ යටතේ වීසා අයදුම් කරන පුද්ගලයන් ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි තායිවාන ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානය හෝ සිංගප්පූරුවේ පිහිටි තායිවාන නියෝජිත කාර්යාලය වෙත අයදුම්පත් යොමු කළ යුතුය.
මෙම අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී තායිවානයේ සිටින ඇපකරුවෙකු විසින් ලබාදෙන සහතික කළ ඇප ලිපියක්, ඇපකරුගේ හැඳුනුම්පත් පිටපතක්, විදේශ ගමන් බලපත්‍ර පිටපතක්, පොලිස් වාර්තාවක්, මූල්‍ය ශක්තිය සනාථ කරන ලියකියවිලි, නවාතැන් පහසුකම් පිළිබඳ තොරතුරු සහ ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.















