ඉදිරි පැය 24ක කාලය තුළ දිවයින වටා වන වෙරළ ආසන්න මුහුදු කලාප රළු හෝ ඉතා රළු විය හැකි බැවින්, ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවරයින්ට හදිසි දැනුම්දීමක් සිදු කරයි.
අද (02) පෙරවරු 10.30ට නිකුත් කරන ලද විශේෂ කාලගුණ නිවේදනයට අනුව, විශේෂයෙන්ම මුලතිව් සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට ඉහළ යා හැකි බව අනාවරණය වේ.
මුහුදු ප්‍රදේශවල ඇති විය හැකි මෙම අවදානම් සහගත තත්ත්වය හේතුවෙන්, දැනට මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින් වහාම ගොඩබිම වෙත පැමිණෙන ලෙසත්, ඉදිරි පැය 24 තුළ නැවත මුහුදු නොයන ලෙසත් බලධාරීන් තරයේ අවවාද කර සිටී.
















