අඟහරුවාදා ගාසා තීරයේ විවිධ ස්ථානවල සිදුවූ ඊශ්‍රායල ප්‍රහාර මාලාවකින් පලස්තීනුවන් අවම වශයෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා සෞඛ්‍ය බලධාරීන් පවසයි.ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ දේර් අල්-බලා නගරයට නැගෙනහිරින් පිහිටි වාහනයකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබේ.එදින උදෑසන සවායිඩා නගරයේ එල්ල වූ තවත් ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව වෛද්‍යවරුන් පවසයි.ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි ඛාන් යුනිස් හි වයඹ දෙසට එල්ල වූ ඊශ්‍රායල වෙඩි ප්‍රහාරයකින් එක් පිරිමියෙකු මියගොස් ඇත.පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ මැදිහත්වීමෙන් ඇතිකරගත් සටන් විරාම ගිවිසුම තිබියදීත්, මෙම ප්‍රහාර නතර වී නොමැත.මෙම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසු මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 930 දෙනෙකු මියගොස් ඇති බව ගාසා සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
















