මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් FitsAir ගුවන් සමාගම විසින් කොළඹ සහ ඩුබායි අතර ක්‍රියාත්මක කළ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. කලාපීය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, යළි සාමාන්‍ය තත්ත්වයක් යටතේ 2026 නොවැම්බර් 19 වැනි දින සිට අදාළ ගුවන් සේවාවන් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව එම ගුවන් සමාගම සඳහන් කරයි.














