2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති යටතේ, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා සමස්ත රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක (රු. 14,600,000.00) දණ්ඩන මුදලක් අය කර ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත. මෙම කාලසීමාව තුළ කළේබා ජුවලරි ස්ටෝර්ස් ප්‍රයිවට් ලිමිටඩ් (Colombo Jewellery Stores Private Limited) ආයතනය වෙතද 2025.10.11 දිනැතිව රුපියල් 500,000.00 ක (රුපියල් ලක්ෂ පහක) පරිපාලනමය දණ්ඩනයක් පනවා තිබේ.
සමාගමට අදාළව මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් අවදානම් තක්සේරුවක් සිදු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවා ඇත. මෙම අනුකූල නොවීම, අවදානම් මත පදනම් වූ පැන්ත පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී.
















