ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ධීවර කර්මාන්තයේ සේවා නියුක්තිය පිළිබඳ 188 වැනි සම්මුතිය අනුමත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙමඟින් ධීවර ප්‍රජාවට යහපත් සේවා කොන්දේසි, වෛද්‍ය ප්‍රතිකාර සහ ආරක්ෂක ප්‍රමිතීන් තහවුරු කිරීමට නව රෙගුලාසි හඳුන්වා දීමට නියමිතය. ධීවර, ජලජ සහ සාមុද්‍රීය සම්පත් අමාත්‍යවරයා සහ කම්කරු අමාත්‍යවරයා විසින් මෙම ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, මෙරට 315,000කට අධික ධීවර ශ්‍රමික පිරිසකගේ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය ප්‍රමිතීන් ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීම මෙහි අරමුණ වේ.
















