2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති යටතේ, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා සමස්ත රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක (රු. 14,600,000.00) දණ්ඩන මුදලක් අය කර ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත. මෙම කාලසීමාව තුළ එල් ඕ එල් සී සෙකියුරිටීස් ලිමිටඩ් (LOLC Securities Limited) ආයතනය වෙතද 2025.11.26 දිනැතිව රුපියල් 1,000,000.00 ක (රුපියල් මිලියනයක) පරිපාලනමය දණ්ඩනයක් පනවා තිබේ.
අවදානම් මත පදනම් වූ පැන්ත පරීක්ෂණයකදී සිදු කළ නියැදි පරීක්ෂාවකින් හමුවූ, රුපියල් මිලියනයක් හෝ එයට සමාන විදේශ මුදලකින් වූ මුදල් ප්‍රමාණයක් ඉක්මවන විදුත් අරමුදල් හුවමාරු කිරීමේ ගනුදෙනු දොළහක් (12) නියමිත කාලපරිච්ඡේදය ඇතුළත මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම පරිපාලනමය දණ්ඩනය පනවා ඇත.
















