බටහිර එංගලන්තයේ RAF Fairford ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී ත්‍රස්තවාදී සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ වැරදි පිළිබඳ සැකය මත අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.
ඔවුන් සියලුදෙනාම ලන්ඩනයේ පදිංචි 20 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය පුරවැසියන් බවයි වාර්තා වන්නේ.
වෑන් රථ තුනක් සමඟ ගුවන් හමුදා කඳවුර ආසන්න ග්‍රාමීය ප්‍රදේශයක සිටියදී මෙම පිරිස බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය බලධාරීන් සමඟ සිදුකළ සහයෝගීතාව සාර්ථක වූ බවයි.
එම පුද්ගලයින් දිගු කාලයක් නිරීක්ෂණයට ලක් කර තිබූ බවත්, ගුවන් හමුදා කඳවුරට විශාල හානියක් සිදුකිරීමේ සැලසුමක් පිළිබඳව විමර්ශන සිදුකළ බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.














