බද්දේගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීම නීතිය හා සාමය මෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ රට තුළ සිදුවිය යුත්තේ මිනිසා ඝාතනය කිරීම නොව මිනිසා ජීවත් කරවීම බවයි. ප්‍රශ්න සහ ගැටලු ඇතිවන අවස්ථාවලදී සාකච්ඡාවෙන් සහ අදහස් හුවමාරුවෙන් ඒවා විසඳාගත යුතු බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ ඉදිකෙරෙන රන්වැට සහිත බෝධි ප්‍රාකාරය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින්.
මේ අතර, ශ්‍රී ලංකාවේ පන්සල්, දහම් පාසල් සහ පිරිවෙන් පද්ධතිය ශක්තිමත් කර ප්‍රායෝගික බෞද්ධකම ප්‍රවර්ධනය කළ යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.
දහම් අධ්‍යාපනය පුළුල් කරමින් ශිෂ්ටසම්පන්න සහ ප්‍රබුද්ධ පුරවැසි පරපුරක් නිර්මාණය කිරීමට කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.














