• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මධ්‍යම පළාතේ ගුරු පුරප්පුඩා පන්දහසක්

23 May 2023
in දේශීය

මධ්‍යම පළාතේ පාසල්වල ගුරු පුරප්පාඩු පන්දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පවතින බව මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඉකුත්දා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි පවසයි.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති /මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ සහ කමිටු සම සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු රැස්විම පැවති අවස්ථාවේදි හෙතෙම මෙම අදහස් පළ කළේය.

කමිටුවට ලිපියක් යොමු කරමින් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විමසා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ පවතින පුරප්පාඩු පවතින සංඛාවන් කොතෙක්ද? යන්න පිළිබදව විමසා සිටින බවත් මන්ත්‍රිවරිය කියා සිටියේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ පවතින ගුරු හිගය නිසා දරුවන් දෙමාපියන් ඇතුලු විශාල පිරිසක් අපහසුතාවයට පත්ව සිටින බවය.

මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා කියා සිටියේ මධ්‍යම පළාතේ මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ගුරු පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පවතින බවත් ඉදිරි මාසයේ දි බදවා ගැනිමට නියමිත විද්‍යාපිඨ ගුරුවරුන් 1017ක ප්‍රමාණයක් පළාතේ පත්විම් ලබා දිමට නියමිත බවත් ඒ ගුරුවරුන් අදාළ පුරප්පුඩා පවතින පාසල්වලට පත්විම් ලබා දෙන බවත් ගුරු තුලනයන් සිදු කරන බවත් විශාල ප්‍රමාණයක් ස්ථානමාරුවිම් ලබා ගැනිමට අපේක්ෂා කරන බවත් ඒ පිරිසටද සාධාරණයක් සිදු කරන බවද ලේකම්වරයා පැවසිය.

මෙහිදි අදහස් දැක්වු මධ්‍යම අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් මහතා කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ ගුරු පුරප්පුඩා 1339ක් කලාප හතරේම පවතින බවත් ඉදිරියේදි බදවා ගැනිමට නියමිත විද්‍යාපිඨ ගුරුපත්විම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සදහා ගුරුවරුන් ලබාදිමට පියවර ගන්නා බවය.

මෙම කමිටු රැස්විම සදහා පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න,මධ්‍යම පළාත් සභාවේ සභාපති ඇල්.ඩි නිමලසිරි,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න,අතිරේක දිසාපතිවරුන් වන නිශාන්ත කරුණාතිලක.චමිලා අතපත්තු,මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත්,මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්ම මහත්මින් ප්‍රාදේශීය‍ ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 25
Previous Post

ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක

Next Post

වැඩ බලන මුදල් ඇමැති රංජිත් පත් කෙරේ

editor

editor

Next Post

වැඩ බලන මුදල් ඇමැති රංජිත් පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved