• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පස්අවුරුදු ජාතික උපායමාර්ගික සැලැස්ම එළි දක්වයි

20 July 2018
in සංවර්ධන

රජයට ඉහළ අපනයනයක් ළඟා කර ගැනීම, ප්‍රාදේශීය සහයෝගිතාව වර්ධනය සහ රැකියා නිර්මාණය කිරීම යන අරමුණු රැසක් සාක්ෂාත් කර ගැනීම සඳහා වන පස්අවුරුදු ජාතික උපායමාර්ගික සැලැස්ම ඊයේ (19) අරලියගහ මැදුරේ දී එළි දැක්විය.

මෙම පස්අවුරුදු සැලැස්ම මගින් 2022 වසර වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 28ක අපනයන ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙහි අන්තර්ගතය ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්වකරුවන් 600කට අධික ප්‍රමාණයකගේ අදහස් හා යෝජනාවලින් සමන්විතය.

පස්අවුරුදු ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම දියත් කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ වැඩබලන තානාපති පෝල් ගොඩ්ෆ්‍රි මහතා, අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා අරන්චා ගොන්සාලෙස් මහත්මිය, ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සහ ජාතික අපනයන උපායමාර්ගික සැලසුමේ නියමු සුජීව සේනසිංහ මහතා, අමාත්‍යවරුන්, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්වකරුවන් මෙන්ම විදෙස් නි‍යෝජිතයෝ ද සහභාගී වූහ.

“ව්‍යවසාය ශ්‍රී ලංකා” සහ “2025 දැක්ම” යන අනෙකුත් ප්‍රතිපත්තිමය මූලාරම්භයක් සලකනවිට දී, රටේ සංවර්ධන න්‍යාය පත්‍රය සහ ශ්‍රී ලංකාව නවෝත්පාදන හා ආයෝජන මගින් මෙහෙයවනු ලබන ආසියාවේ ප්‍රමුඛ අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් පැවැතීමේ වැදගත්කම වටහා ගනිමින් යුරෝපා – ශ්‍රී ලංකා වෙළෙඳ ආශ්‍රිත සහයෝගිතා ව්‍යාපෘතිය හරහා යුරෝපා සංගමය මගින් අරමුදල් සම්පාදනය කර මෙම සැලැස්ම සඳහා තාක්ෂණික සහාය ලබා දෙනු ලැබීය.

Post Views: 35
Previous Post

STF එක පිස්සන් කොටුවක් – ෆීල්ඩ් මාෂල් සරත්

Next Post

මෝදිගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභාංගයක්

editor

editor

Next Post

මෝදිගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභාංගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved