• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනාගත අභියෝග වලින් පලායාම ගෝත්‍රිකභාවයේ සහ අසමත් භාවයේ ලක්ෂණයි -ඇමැති ඩලස්

1 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනාගතය පිළිබඳව නොබියව තීන්දු ගැනීම ඕනෑම රටක පාලකයන්ගේ වගකීම බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

එසේම ඡන්දය, මනාපය නොව වැදගත් වන්නේ, අනාගත පරම්පරාවන්ට පිරිසිදු, පිවිතුරු රටක් නිර්මාණය කිරීම බවත් එම අභියෝගය භාර නොගෙන පලායන්නේ නම්, එය දේශපාලන ගෝත්‍රිකභාවයේ සහ අසමත් භාවයේ ලක්ෂණ බව අමාත්‍යවරයා පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් දෙස් විදෙස් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක සහභාගීත්වයෙන් ආරම්භ කරන ලද කොළඹ සංවාදය ආරම්භ කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පලකළ ඒ මහතා “වසංගතයෙන් වෙළීගිය පසුගිය 2020 වර්ෂය, කාලගුණික විපර්යාස වාර්තා අළුත්කළ තවත් වසරක් බවට පත්වුනා. අප රටත් කාලගුණික විපර්යාස තර්ජනයේ බලපෑමට අඩු වැඩි වශයෙන් ලක්වුනා. අප වෙසෙන පෘතුවිය මුහුණ දෙමින් පවතින මෙම අනපේක්ෂිත අසමතුලිතතාවය පිළිබිඹු කරන්නේ, මිනිසුන් ලෙස අපේ පැවැත්ම විසින් පෘතුවියට ඇති කල අයහපත් බලපෑම් වල ප්‍රතිථලයි. කොවිඩ් වසංගත තත්වයේ බලපෑමෙන් තවත් උග්‍ර වූ මෙම කාලගුණික විපර්යාස අර්බුදය හමුවේ රටක් ලෙසට අප කළ යුත්තේ, නැවතත් හරිත ප්‍රකෘතියකට අප ගෙන යන හරිත සංවර්ධන ප්‍රතිපත්ති සහ සැලසුම් ඇතුලත් වූ නව සංවර්ධන මංපෙතක් හඳුනාගෙන, පිහිටූවා, එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිලිබඳ අපගේ අවධානය යොමු කරවීමයි.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් ප්‍රතිපත්ති රාමුව තුල ද හරිත සංවර්ධනයක් උදෙසා හරිත ආර්ථිකයක් ස්ථාපනය කිරීම පිණිස මූලිකත්වයක් දී තිබෙනවා. එ අනුව යමින් ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයකට අනූවර්තනය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් කාලගුණික විපර්යාසයට තිරසාර විසඳුම් ලබාදෙන හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නමින් සාමාජිකයන් 46 දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් පත්කළා.

ඒ වගේම 2030 වන විට රටේ විදුලිබල පාරිභෝජනයෙන් 70% ක් පූනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමටත්, 2050 වන විට මුළුමනින්ම කාබන් විමෝචනය රහිත බලශක්ති ප්‍රභවයන්ගෙන් රට ස්වයංපෝෂිත කිරීමටත්, ගෝථාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශණයෙන් ලබාදුන් පොරොන්දුව, රාජ්‍යයේ බලශක්ති ප්‍රතිපත්තිය විය යුතුයැයි මේ වනවිට කැබිනට් මණ්ඩලය ද අනුමතකර තිබෙනවා.

තිරසාර සංවර්ධනයක් අත්පත් කරගැනීමට මංපෙත සදන හරිත ශ්‍රී ලංකාවක් සඳහා ජනාධිපති තුමන්ගේ සහ රජයේ කැපවීම ඉතාමත් පැහැදිලිව පිළිඹිබු කරන සාදනීය පියවර මාලාවක් ලෙස මේවා හඳුන්වන්නට පුළුවන්. ඉතින් අද අප ආරම්භ කල මෙම කාර්ය සාධක කණ්ඩායම් හමුවේ සහ හරිත සංවර්ධන සංවාදයේ අරමුණ විය යුත්තේ, එයට වැදගත් දායකත්වයක් දැක්වීමයි.

බලශක්තිය සහ විදුලිබලය යන ක්ෂේත්‍රයන් හරහා හරිත ආර්ථිකයක් ගොඩනැගීම උදෙසා රටක් ලෙස අප කළ කැපවීම වසර ගණනක් පුරාවට වර්ධනය වෙමින් පවතිනවා. පිරිසිදු, සුරක්ෂිත, ලාභදායි සහ විශ්වාසනීය සැපයුම් තුලින්, දැරිය හැකි මිලකට බලශක්ති සේවා සපයමින් රටේ සෑම පුරවැසියෙකුටම සමානව ප්‍රතිලාභ ගෙන එන සංවර්ධනයක් සඳහා උර දීමට හැකි බලශක්ති සුරක්ෂිතතාවක් ඇති කිරීමට ජාතික බලශක්ති ප්‍රතිපත්තිය මගින් සහතික කර තිබෙනවා. රටේ සියළුම සංවර්ධන සැලැසූම් තුල පරිසරය ආරක්ෂා කිරීමත් සහතික කිරීමට රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව සැම විටම කටයුතු කරනවා.

මීට අමතරව අප පසුගිය දිනක ජාතික බලශක්ති දිනයක් ප්‍රකාශයට පත්කරමින් එය ස්ථාපිත කිරීමටත්, වාර්ෂිකව වැඩසටහන් මාලාවක් ලෙස පවත්වාගෙන යාමටත් කැබිනට් අනුමැතිය ලබාගත්තා. දිවයින පුරා සිසුන් ලක්ෂ 43 ක සහභාගීත්වයෙන් විවිධ ක්‍රියාකාරකම් මාලාවක් දියත් කරමින් තිරසාර සංවර්ධනයක් උදෙසා, පුණර්ජනනීය බලශක්තීන් ගැන ඔවුන් දැනුවත් කරවීමට ඉවහල් වන බලශක්ති සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් අප දැනටමත් සැලසුම් කර අවසන්. ලොවට බරක් නැති පුරවැසියෙක් යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට සමාන්තරව පාසල් 6000ක් තුළ බලශක්ති සමාජ ස්ථාපිත කිරීමටත්, ඒ හරහා සිසුන් බලගන්වමින්, මෙම කාලගුණ විපර්යාසය අභියෝගයට මූහූණ දීමට තිරසාර සංවර්ධන ඉලක්ක හිමිකර ගැනීම සඳහා ඔවූන් පෙරගමන්කරුවන් සහ ආකල්ප පරිවර්තකයන් බවට පත් කිරීම අපගේ ඉලක්කය බවද පැවසීය.

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා ප්‍රධානී, ෆයිසා එෆෙන්ඩි, යන මහත්මීන් ද, රජය නියෝජනය කරමින් බලශක්ති, පරිසර, සෞඛ්‍ය, ප්‍රවාහන, කෘෂිකර්ම, ධීවර, වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශ වල ලේකම්වරුන් ද, ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන මණ්ඩලයේ සහ ජාතික සැලසූම් දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ද, ජාත්‍යන්තර සංවිධාන නියෝජනය කරමින් ආසියානූ සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව, යූරෝපා සංගමය, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නියෝජිතයන් ද, පූද්ගලික අංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ජෛව විවිධත්ව ශ්‍රී ලංකා, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයූක්ත ජාලය ද, මෙම හමූවට සහභාගීවුයේ ය.

 

 

 

Post Views: 0
Previous Post

දේශිය කරවල නිෂ්පාදයෙන් විදේශ රටවලට ඇදියන මුදල් ඉතිරිකර ගත හැකියි – ධිවර ඇමැති ඩග්ලස්

Next Post

ඇස්ට්‍රාසෙනෙකා ජපානයෙන් ශ්‍රී ලංකාවට … අද සිට එන්නත්කරණය ඇරඹෙයි – සෞඛ්‍ය අමාත්‍යංශය

editor

editor

Next Post

ඇස්ට්‍රාසෙනෙකා ජපානයෙන් ශ්‍රී ලංකාවට ... අද සිට එන්නත්කරණය ඇරඹෙයි - සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි  (PHOTO)

ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි (PHOTO)

16 May 2025

Recent News

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි  (PHOTO)

ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි (PHOTO)

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved