• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ

20 June 2022
in දේශීය

චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව මේ සතියේ සිට චීනය, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 03ක් සිදු කරයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමට ද අවස්ථාව සැලසේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි සෙන්හොන්ග් (Qi Zhenhong) මහතා පසුගිය (16) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ මේ බව පැවසීය.

චීන රජය ශ්‍රී ලංකාවට ලබා දුන් සහ දීමට අපේක්ෂිත ආර්ථික හා මානුෂීය ආධාර පිළිබඳ තානාපතිවරයා ජනාධිපතිවරයා දැනුම්වත් කළේය.

චීනයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට යළි එරටට පැමිණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීමට පියවර ගෙන තිබේ. ද්විපාර්ශ්වික වෙළෙඳාම හා ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය කරගැනීම කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

චීන ජනාධිපති ෂී ජින් පින් (Xi Jinping) මහතා එවූ විශේෂ පණිවිඩයක් තානාපතිවරයා ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය.

මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ මිත්‍ර රටක් ලෙස චීනය ලබාදෙන සහාය පිළිබඳ ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.

Post Views: 15
Previous Post

JAT මෙතෙක් වාර්තාගත හොඳම මූල්‍ය වර්ෂය ප්‍රකාශයට පත් කරයි

Next Post

ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙනවා – ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය

editor

editor

Next Post

ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙනවා - ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved