27 April 2024
#දේශීය

ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයෙකුට ස්වීඩන් මැතිවරණයෙන් ජය ලැබෙයි

වසර හතරකට වරක් පැවැත්වෙන ස්වීඩන් මැතිවරණය ප්‍රධාන පරිපාලන එකකයන් තුනක් වන පාර්ලිමේන්තුව, පළාත් පාලන සභාව, නගර සභාව ඉලක්ක කරමින් පවත්වනු ලබයි. එහිදී නගර සභාව වෙනුවෙන් මෙරට වාමාංශික ව්‍යාපාරයේ ප්‍රධානතම පක්ෂය වන LEFT PARTY හි අපේක්ෂකයෙකු වු සුනිල් ජයසුරිය මහතා, ඔරෙබ්රෝ නගර සභාවේ සභිකයෙකු ලෙස පත් වි ඇත.

සුනිල් ජයසුරිය මහතා ගැන තොරතුරු බිඳක්
 
ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස 1986 සිට කටයුතු කල සුනිල් ජයසුරිය ලාංකීය වමේ ව්‍යාපාරය වෙනුවෙන් සුවිසල් කැප කිරීමක් කල අයෙකි. 1996 සිට ස්වීඩනයේ වාමාංශික පක්ෂය හා සමග කටයුතු කරන ඔහු මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකරුවෙකි. එමෙන්ම “එතෙර අපි” සංවිධානයේ ස්වීඩන් ශාඛාවේ සභාපති ලෙසට කටයුතු කරමින් මව්බිමේ උන්නතිය වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටු කරමින් සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *