27 April 2024
#දේශීය

මහින්දගේ රැළියේ ෂෝ පෙන්නන ගිය මාධ්‍ය ආයතනවල අයට සොරි වෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹ වැටළිමේ රැළීයට සහභාගී වීමට ගිය රාජ්‍ය මාධ්‍ය ආයතනවල නිලදාරින් හට මේ වන විට අවවාදය හා වැඩ තහනම් ලිපි ලැබී ඇති බව වාර්තා වේ. 

පසුගිය 05 වනදා කොලඹ සංවිධානය කර තිබු ජනබල රැළීයට සහභාගී වීම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවල උසස් නිලධාරින් කිහිප දෙනෙකු සහභාගී වී තිබේ. රාජ්‍ය ආයතනවල නිලධාරින් මෙවැනි දේශපාලනික රැළි සඳහා සහභාගීවීම තහනම් නමුත් රාජ්‍ය මාධ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව රාජ්‍ය මාධ්‍ය ආයතන හි ස්වාධීන රූපවාහිනියේ 40 කට අධීක පිරිසකට හා ජාතික රුපවාහිනියේද කිහිප දෙනෙකු ජනබලය කොළඹට රැළියට සහභාගී වී ඇති බව වාර්තා වේ. එම සහභාගී වු පිරිස් ඡායාරූප රැගෙන ආයතනවලහි ප්‍රදර්ශනය පවා සිදු කර ඇති බව වාර්තා වේ. එම සිද්ධිවලින් පසුව ඔවුන් සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනීමට පාලන අධිකාරියට සිදුව ඇත. පාලනාධිකාරිය විසින් දන්වා ඇත්තේ රාජ්‍ය ආයතනවල සේවය කරන්නන් එවැනි දේශපාලනික රැළි සඳහා සහභාගී වීම තුළීන් ආයතන රෙගුලාසි උල්ලංඝණය වීමක් බවයි. 

කෙසේ වෙතත් එම රැළිවලට සහභාගී වුවන් කියා සිටින්නේ පාලනාධිකාරියෙන් මෙවැනි දේ සිදු කරනවා යැයි හොඳින්ම දන්වා බවත් එවැනි  දේ බලාපොරොත්තුවෙන් සිටි බවයි. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *