• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

COVID-19 වසංගතය වැළැක්වීමේ සම්බන්ධයෙන් විදේශ ඇමැති රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට දැනුම් දෙයි

7 March 2020
in දේශීය

COVID-19 කොරෝනා වෛරස වසංගත තත්ත්වය සහ එය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගැනීමට අපේක්ෂා කරන පියවර පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට විස්තර කළේය.

වෛරසය සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා ප්‍රමාණවත් වැළැක්වීමේ පියවර රජය විසින් ගෙන ඇති බව විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මාධ්‍යයේ කාර්යභාරය අගය කළ ඒ මහතා, වෛරසයෙන් එල්ලවන අන්තරායන් පිළිබඳව සැලකිලිමත් වන අතරම, නිවැරදි තොරතුරු සාමාන්‍ය ජනතාව වෙත බෙදා හැරීමේ දී ඔවුන් අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන ලෙස ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.

විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිතවරිය, සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපල බලධාරීන් සහ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් ඇතුළත් විය.

ලොවපුරා රටවල පවතින තත්ත්වයෙහි බරපතලකම අවධාරණය කරමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ මහත්මිය පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි COVID-19 වෛරසය පැතිර යාමේ තත්ත්වයක් පාලනය කිරීම සඳහා, රජයේ සහ සමාජයේ ඒකාබද්ධ ප්‍රවේශයක් මේ මොහොතේ දී අවශ්‍යව ඇති බවයි. ඕනෑම අහිතකර තත්වයක් ආපසු හැරවීම සඳහා අන්තර් නියෝජිතායතන සහයෝගීතා ප්‍රවේශයක් ද මෙම අවස්ථාවේ දී ඉතා වැදගත් වන බව ද ඇය පැවසුවාය. මෙතෙක් පැවති, අභියෝග විසඳීම සඳහා අත්‍යාවශ්‍ය වන දේශපාලන අභිමතාර්ථය සහ බහු-ආංශික සහයෝගීතාවය සහ එකමුතුකම පැහැදිලිව දැකගත හැකි බව වෛද්‍ය පෙන්ඩ්සේ මහත්මිය පැවසුවාය. විදේශ සබඳතා, සෞඛ්‍ය, ආරක්ෂක සහ ආගමන හා විගමන බලධාරීන් ඉටුකරන කාර්යභාරය පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කථා කළ නියෝජිතවරිය, සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම, සුපරීක්‍ෂණය පුළුල් කිරීම සහ සූදානම ශක්තිමත් කිරීම, මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමට බාධා කිරීම සඳහා වැදගත් අංගයන් වන බව ප්‍රකාශ කළාය.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 20
Previous Post

යාපනයේ ජන්ද සටන වර්ගවාදයෙන් පටන් අරගෙන

Next Post

අලියාගෙන් නෙමෙයි හොඩවැලෙන් ආවත් අපි දිනනවා – චන්දීම කියයි

editor

editor

Next Post

අලියාගෙන් නෙමෙයි හොඩවැලෙන් ආවත් අපි දිනනවා - චන්දීම කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved