ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, මෙල්බර්න් නුවර ස්ප්‍රින්වේල් නගර ශාලාවේදී එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මෙල්බර්න් හි ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරන ලද මෙම හමුව සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම හමුවේදී විදේශගත ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ අදහස්වලට අමාත්‍යවරයා සවන් දුන් අතර, වත්මන් රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිමය තීරණ සහ රටේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට ද පියවර ගත්තේය. විදේශගත ශ්‍රී ලාංකිකයින් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය සහ ලබාදෙන සහයෝගය අගය කළ අමාත්‍යවරයා, එම විශ්වාසය ආරක්ෂා කර ගැනීමට රජය කැපවී කටයුතු කරන බවට සහතික විය.
මෙම අවස්ථාවට පැවති ඉහළ මහජන සහභාගීත්වය, රටේ අනාගත ප්‍රගතිය සහ පාලනය පිළිබඳව ශ්‍රී ලාංකික ඩයස්පෝරාව තුළ පවතින උනන්දුව පිළිබිඹු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. සිය ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර, තවත් නගර කිහිපයක ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද අමාත්‍ය විජිත හේරත් මහතා බලාපොරොත්තු වේ.
















