මෙරට රන් වෙළඳපොළේ මිල ගණන්වල යළිත් ඉහළ යාමක් අද (01) දිනයේදී වාර්තා වේ. ලෝක වෙළඳපොළේ පවතින රන් මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අද දිනට අදාළ රන් මිල ගණන් පහත දැක්වේ.
රන් අවුන්සයක මිල රුපියල් 1,382,654ක් ලෙසත්, කැරට් 22 පවුමක මිල රුපියල් 357,750ක් ලෙසත් සටහන් වේ. තවද කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,780ක් වන අතර, කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 44,720ක් ලෙසත් කැරට් 21 ග්‍රෑම් 1ක මිල රුපියල් 42,690ක් ලෙසත් දැක්විය හැකිය.
විටින් විට සිදුවන මෙම මිල වෙනස්වීම් පිළිබඳව රන් ආභරණ මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින් අවධානයෙන් පසුවීම වැදගත් වේ.
















