රුපියල් මිලියන 5.85ක් පමණ වටිනා විදේශීය දුම්වැටි 39,000ක් සමඟ විදේශිකයන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී ශ්රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 38ක් සහ 41ක් වන මෙම පුද්ගලයන් දෙදෙනා 2026 අගෝස්තු 22 වැනිදා රාත්රී 10.01ට පමණ AK 47 ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති අතර, ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත (Green Channel) ඔස්සේ ගමන් කරමින් සිටියදී රේගු නිලධාරීන් සහ රේගු මත්ද්රව්ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී ඔවුන්ගේ ගමන් මලු දෙකක සඟවා තිබූ විදේශීය දුම්වැටි කාටූන් 195ක් සොයාගෙන ඇත. සැකකරුවන් දෙදෙනා ව්යාපාරික ආයතනවල සේවකයන් බවටද වාර්තා වේ.
රේගු විමර්ශනවලින් අනතුරුව අදාළ දුම්වැටි තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබේ.














