“සසුනෝදය” වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්රික්කයේ තෝරාගත් විහාරස්ථාන සහ ආගමික ස්ථාන 100ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 50ක මූල්ය ප්රතිපාදන පිරිනමා තිබේ.
ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනය කිරීමේ අරමුණින් ක්රියාත්මක රුපියල් මිලියන 100ක මූල්ය ප්රතිපාදන වැඩසටහනේ බදුල්ල දිස්ත්රික් අදියර පසුගිය 23 වැනිදා බණ්ඩාරවෙල නගර සභා ශ්රවණාගාරයේදී පැවැත්විණි.
වැවිලි ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ සහ ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී අදාළ මූල්ය ප්රතිපාදන නිල වශයෙන් පිරිනැමීම සිදු කර තිබේ.
බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය තහවුරු කිරීමේ අරමුණින් රජයේ මැදිහත්වීම යටතේ ක්රියාත්මක මෙම වැඩසටහන ඉදිරි වසරවලදීද ඌව පළාත පුරා අඛණ්ඩව ක්රියාත්මක කිරීමට නියමිත බව එහිදී අවධාරණය කර ඇත.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්රමුඛ ආගමික පූජකවරුන්, තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා, බණ්ඩාරවෙල නගරාධිපති සාගරදීර විශ්ව වික්රම මහතා ඇතුළු පළාත් පාලන නියෝජිතයන්, රාජ්ය නිලධාරීන් සහ අදාළ විහාරස්ථානවල දායක සභා නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.













