ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ජල්ගාඕන් දිස්ත්‍රික්කයේ අන්ජනි ගඟේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් ගංවතුර සැඩ පහරට හසුවූ සුරේෂ් භිල් නමැති පුද්ගලයෙකු ගඟ මැද ගසක් මතට නැඟ දිවි බේරාගෙන තිබේ.
අඛණ්ඩ වර්ෂාව නිසා ගඟේ ජල ප්‍රවාහය දැඩි ලෙස වැඩිවීමෙන් මුදාගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කිහිපයකට රතු, තැඹිලි සහ කහ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ වන විට අධික වැසි හේතුවෙන් නිවාස 100කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුවී ඇති අතර, ගංවතුරට බලපෑ පවුල් සිය ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත මාරු කර යවා තිබේ.
















