කොළඹ ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයකදී බහින්බස්වීමක් දුරදිග යාමෙන්, ක්‍රිකට් පුහුණු පාසලක පුහුණුව ලබන 17 හැවිරිදි ක්‍රීඩකයකු කළ පහරදීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු හා පුහුණුකරුවකු වූ සුමිත් ප්‍රනාන්දු (61) මහතා මියගොස් ඇතැයි කුරුදුවත්ත පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සීදුව, ලියනගේමුල්ල පදිංචි තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත.
















