27 April 2024
#දේශීය

පාස්කු ප්‍රහාර සම්බන්ධ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි නිදොස් කොට නිදහස්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ගොනු කර තිබු සියලු චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කර ඇත.

ඒ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව අද කැඳ වූ අවස්ථාවේ දීය.

එහි දී හිටපු ආරක්ෂක ලේකම්වරයාට නඟා තිබූ ප්‍රධාන චෝදනාවක් වූයේ, විස්සයි දහ නවය අප්‍රේල් විස් එක් වැනි දින කතෝලික දේවස්ථාන සහ තරු පන්තියේ සංචාරක හෝටල ඉලක්ක කරමින් සිදු වූ පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නො ගැනීම යි.

කෙසේ වෙතත් එම චෝදනාව ඇතුළු අනෙකුත් චෝදනා සාධාරණ සැකයකින් තොර ව ඔප්පු කිරීමට නො හැකි වීම හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ව නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රකාශ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *