හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ නඩු සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් අද (09) ඔහු එම චෝදනාවලට වරදකරු බවට තීන්දු කළේය.
2006 වසරේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, එම ආයතනය සඳහා කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට මූල්‍ය පාඩුවක් සිදු කරමින් “දූෂණය” නැමැති වරද සිදු කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, විත්තිකරුට ලබා දිය යුතු දඬුවම් නියම කිරීම සඳහා නීතිඥවරුන් විසින් කරුණු දැක්වීම් සිදු කරමින් පවතී. අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ සාක්ෂි සහ තර්ක සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.
















