අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ දූෂණ නඩුවකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු කරමින්, ඔහුට වසර 04ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් අද (09) නියම කරනු ලැබීය.
මීට අමතරව, රුපියල් ලක්ෂ 06ක දඩ මුදලක් ගෙවන ලෙස ද අධිකරණය නියෝග කර ඇත.
2006 වසරේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී, එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට මූල්‍ය පාඩුවක් සිදු කරමින් “දූෂණය” නැමැති වරද සිදු කළ බවට අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
















