හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද පෙරවරුවේ එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ජගත් පුෂ්පකුමාර මහතා මීට පෙර විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සහ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ. අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාව මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
















