27 April 2024
#දේශීය #පුවත්

හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි සජබෙට එක්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සිය දේශපාලන ගමනට සහයෝගය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් වී තිබේ.

දයා සඳගිරි මහතා සමුද්‍රීය හා නාවුක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැනුම හා පළපුරුද්ද නිසා විපක්ෂනායකවරයා විසින් ඒ මහතාව සමගි ජනබලවේගයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගත්තේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *