27 April 2024
#දේශීය #පුවත්

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය අදින් ඇරඹෙයි 

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) විවෘත කිරීමට සියල්ල සුදානම්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපතිවරයා අද (07) පෙ.ව 10.30 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා පැවසීය.

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අගවිනිසුරුතුමා, නීතිපතිතුමා, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එසේම මෙම උත්සවයට විද්‍යුත් ක්‍රමයට ආරාධනා පත්‍ර (E – Invitations) යොමුකොට ඇති බවද ඒ මහතා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *