හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙඩි වැදීමෙන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී හිටපු පොලිස්පතිවරයා අද අලුයම වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට සැක කරන බවයි. සිද්ධියෙන් පසු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කරන විටත් ඒ මහතා මියගොස් සිටි බව වාර්තා වේ.
















