27 April 2024
#දේශීය

හිටපු ජනපති ගෝඨාභය සැප්තැම්බර් මුලදී දිවයිනට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන සැප්තැම්බර් මුල් සති දෙක තුලදී දිවයිනට පැමිණෙන බව ඔහුගේ සමිපතමයෙකු අප වෙත පැවසිය. හිටපු ජනාධිපතිවරයාට සියළු ආරක්ෂාව ලබා දී ඔහුගේ කටයුතු කරගෙන යාමට සුදුසු ආකාරයේ සියලු දේ සුදානම් කර ඇති බව වාර්තාවේ.

පසුගිය ජූලි 09 වැනිදා රටපුරා ඇති වූ දැවන්ත ජන අරගලය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයෙන් ඉවත්ව ගියේය. පසුව ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා අලුයම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මලදිවයින බලා පිටත්ව ගියේය.

මාලදිවයිනට ගොස් සිටිමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස් වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ජූලි 15 වනදා නිවේදනය කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා යලිත් සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පුරුවේ සංචාරක විසා මත සිංගප්පුරුවේ ගත කොට තිබේ. මේ වන විට තායිලන්තයේ සිටින අතර එලැඹෙන සැප්තැම්බර් මෙරටට පැමිණිමට නියතව ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *