27 April 2024
#දේශීය

යෝධයාව නැගිට්ටවන්න ලැස්තියි බව හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වන විට රටේ සෑම ප්‍රදේශයකින්ම ඉල්ලුමක් ඇති බවත් ඒ අනුව පක්ෂය නැගිට්ටවන්නට මේ වන විට කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවෙ එම පක්ෂ මූලස්ථානයේ, ඊයේ (28) පස්වරුවේ පැවති රැස්වීමක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව හෙතෙම පැවසිය. සිරිසේන මහතා කියා සිටියේ ශක්තිමත් තරුණ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා එක්රොක් වෙමින් සිටින බවයි.

එසේම හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ලෝකයේ දුප්පතුන් නොව වැඩිපුරම අසහනයෙන් සහ කණගාටුවෙන් ඉන්නේ ලෝකයේ ඉන්න ඉහළම ධනවතුන් බවයි.

සල්ලි අඩුවෙන්න අඩුවෙන්න ප්‍රශ්න අඩුවෙන බවත් මිනිසෙකුට අවශ්‍ය වන්නේ, දවසේ ණය නොවී තුන්වේල කාලා සාමාන්‍ය වාහනයක් අරගෙන පුංචි ගෙයක් හදාගෙන සමාජයේ හොඳට ජීවත්වීමයි අවශ්‍ය වන බව හෙතෙම අනාවරණ කළේය.

හැමකෙනෙක්ම ධනවතුන් වීම අවශ්‍ය නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය වෙන්නේ, ප්‍රධාන වශයෙන් ම ඉදිරි සංවර්ධන සැලැස්මේ දී පක්ෂය හදන මේ රටේ දුගීභාවය තුරන් කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීම වන අතර මේ කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ඉල්ලුමක් ඇවිල්ලා තිබෙන බව සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *