27 April 2024
#දේශීය

හිටපු මහලේකම් බෑන් කී මූන් හා අගමැති හමුවෙයි

ගෝලීය හරිත වර්ධන කවුන්සිලයේ සභාපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (07) අරලියගහ මන්දිරයේදී හමුවිය.

ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී වැඩසටහන් සම්බන්ධයෙන් සෑහීමට පත්වන බවත් මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය, සූර්ය පැනල මගින් විදුලි උත්පාදන ව්‍යාපෘති සහ සූර්ය පැනල මගින් වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘති සම්බන්ධයෙන් සහයෝගය ලබාදෙන බව බෑන් කී මූන් මහතා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ඉදිරි අවුරුදු දහයක කාල රාමුවක් තුළ ක්‍රියාත්මක කෙරෙන නව බලශක්ති සැලැස්ම අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී බැන් කී මූන් මහතා වෙත පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන අලි සබ්රි, බන්දුල ගුණවර්ධන, නසීර් අහමඩ්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, පරිසර අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ යන මහත්වරුන් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *