27 April 2024
#දේශීය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන දැඩි තීන්දුවක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යකඩ නියමිත බදු ගෙවීමකින් තොරව කපා ඉවත් කිරීමට කිසිසේත් ම ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට මුහුදු සීමාව තුළ ඇති මෙම නෞකාවේ යකඩ කපා ඉවත් කර ගන්නේ නම් ඒ සඳහා ආනයන අපනයන බලපත්‍රයක් ද ලබා ගත යුතු බවයි.

යකඩ මෙට්‍රික් ටොන් 48,000ක් පමණ නෞකාවේ පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ සැලකිය යුතු බදු මුදලක් මෙමගින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.

එසේම ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබු බවත් එහිදී රටේ මුහුදු සීමාව තුළ තියෙන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් රට තුළ පවතින නීතියට අනුව කටයුතු කළ යුතු බව එහි දී ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ ක බව රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා පැවසිය.

ඒ නිසා මේ යකඩ වැටෙන්නෙ අබලි යකඩ ඝනයට වන අතර කිසියම් පාර්ශ්වයකට මේ යකඩ රැගෙන යන්න අවශ්‍ය නම් ආනයන අපනයන බලපත්‍රයක් ලබා ගත යුතු බවත් ඊට අමතරව රේගු ගාස්තු ගෙවිය යුතු බව හෙතෙම පැවසිය.

රේගු අඥාපනත යටතේ මේ යකඩවල වටිනාකමෙන් 10%ක් සෙස් බදු ලෙස අය විය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *