රුපියලට සාපේක්ෂව ඩොලරයේ අස්ථාවරත්වය හමුවේ පසුගිය මාස කිහිපය තුළ උන්ඩියල්, හවාලා වැනි අවිධිමත් විනිමය හුවමාරු ක්‍රමවල වර්ධනයක් සිදුව ඇත්දැයි ‘අද දෙරණ Business’ විසින් කළ විමසීමකදී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇත්තේ පවතින දත්ත අනුව එවැනි වර්ධනයක් වාර්තා වී නොමැති බවයි.
කොළඹ පිහිටි මහ බැංකු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ. බැංකු සහ බැංකුවෙන් බැහැර වෙළෙඳපොළ අතර විනිමය අනුපාතවල ලොකු වෙනසක් නොමැති වීම සහ ප්‍රේෂණ ලැබීම් අඛණ්ඩව වර්ධනය වීම මඟින් විධිමත් මාර්ග තවදුරටත් ශක්තිමත්ව පවතින බව මින් පැහැදිලි වන බව අධිපතිවරයා පෙන්වා දී ඇත.














