චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස්දෙනා එළැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අද (23) මෙම නියෝගය නිකුත් කර ඇත. කොල්ලුපිටිය පොලිසිය විසින් ඉකුත් 21 වැනිදා අනුද බණ්ඩාර අත්අඩංගුවට ගෙන ඊයේ (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ඉල්ලීම මත ඔහුගෙන් පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීට පෙර අවසර ලබා දී තිබුණි.














