කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) පැතිර යන නවතම ඉබෝලා වසංගතයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවා ගොස් ඇති බව අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (Africa CDC) තහවුරු කර තිබේ.
මැයි මාසයේදී ආරම්භ වූ බුන්ඩිබුග්යෝ (Bundibugyo) වර්ගයේ ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,031කි. මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් විසින් හදිසි නිරෝධායන සහ ගමන් තහනම් පියවර ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.














