තුර්කියේ ගිනිකොනදිග සන්ලියුර්ෆා ප්‍රාන්තයේ වෘත්තීය පාසලක 18 හැවිරිදි තරුණයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබේ. ෂොට්ගන් වර්ගයේ තුවක්කුවකින් සන්නද්ධව පැමිණි මෙම පැරණි සිසුවා පාසල තුළ අහඹු ලෙස වෙඩි තබා ඇති අතර, තුවාල ලැබූවන් අතර සිසුන් 10 දෙනෙකු, ගුරුවරුන් සිව්දෙනෙකු, ආපනශාලා සේවකයෙකු සහ පොලිස් නිලධාරියෙකු සිටින බව එරට බලධාරීන් තහවුරු කරයි. ප්‍රහාරයෙන් පසු පාසල් ගොඩනැගිල්ල තුළ සැඟවී සිටි සැකකරු පසුව එම අවියෙන්ම වෙඩි තබාගෙන මියගොස් ඇති අතර, තුර්කිය වැනි රටක මෙවැනි පාසල් වෙඩි තැබීම් සිදුවීම අතිශය දුර්ලභ සිදුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














