කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වුණු සත්‍යග්‍රහය අතරතුර කාන්තාවන් දෙදෙනෙකු අතර ඇති වූ සංවාදය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. එහිදී එක් කාන්තාවක විසින් ප්‍රකාශ කර ඇත්තේ “ගෙදරට පැනලා ගහන්න ඕනේ” යනුවෙනි.ඊට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් අනෙක් කාන්තාව ඇයට දැඩි ලෙස බැන වදිමින් කියා සිටියේ, “ගෙදරට පැනලා ගහන්නේ උන්, අපි නෙවෙයි!” යනුවෙනි. ජාතික ආරක්ෂාව සහ සුරේෂ් සලේ වෙනුවෙන් සාමකාමීව පැවැත්වීමට උත්සාහ කළ මෙම විරෝධතා භූමිය තුළ, මෙම කාන්තාවන් දෙදෙනාගේ පෞද්ගලික මතවාදී ගැටීම සහ වචන හුවමාරුව හේතුවෙන් එම ස්ථානයේ සුළු නොසන්සුන්කාරೀ තත්ත්වයක් ද නිර්මාණය විය.
















