අභිරහස් ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු අද (22) දින යළි ආරම්භ කර තිබේ. මෙම සාක්ෂි සටහන් කර ගැනීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේදී අද පූර්වාහ්නයේ සිදු කෙරුණු අතර, එහිදී සිද්ධියට අදාළව වැදගත් සාක්ෂිකරුවන් සිව්දෙනෙකුගෙන් (04) දීර්ඝ ලෙස සාක්ෂි සටහන් කරගැනීමට අධිකරණය පියවර ගත්තේය. මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, මරණයට හේතුව සෙවීමේ මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාග කිරීමේ කටයුතු එළඹෙන මැයි මස 26 වනදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.














