පේදුරුතුඩුව සහ කාර්ට්කෝවලම් ප්‍රදේශවලින් පසුගිය 27 වැනිදා රාත්‍රියේ ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් 4 දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි. බෝට්ටු දෙකකින් මුහුදු ගිය මෙම ධීවරයින් ප්‍රදේශයේ පැවති තද සුළං තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්ව ඇති බවට සැක කෙරේ.
මෙම තත්ත්වය සැලවීමත් සමඟ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත හදිසි උපදෙස් ලබා දෙමින් සෝදිසි මෙහෙයුම් කඩිනම් කරන ලෙස දැනුම් දී ඇත. ඒ අනුව අද උදෑසන සිට ගුවන් හමුදාවේ සහාය ඇතිව සහ නවීන තාක්ෂණික පහසුකම් භාවිතා කරමින් පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ.
මීට අමතරව, අතුරුදන් වූ ධීවරයින් පිළිබඳ තොරතුරු අසල්වැසි රටවල සමුද්‍ර ආරක්ෂක ඒකක වෙත දැනුම් දී ඇති අතර, ජාත්‍යන්තර මට්ටමින් සෝදිසි මෙහෙයුම් සම්බන්ධීකරණය කෙරෙමින් පවතී. අතුරුදන් වූවන් ආරක්ෂිතව ගොඩබිමට ගෙන ඒම සඳහා නාවික හමුදාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ මැදිහත්වීම අමාත්‍යවරයා අපේක්ෂා කරයි.
















