කළුතර මුහුදු වෙරළට ගොඩගසා තිබියදී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයාගේ සිරුරේ සීරීම් සහ තැලීම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන බව පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා අඩි 5යි අඟල් 5ක් පමණ උසැති, වයස අවුරුදු 55ත් 60ත් අතර පසුවන්නෙකු විය හැකි බවට පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















