ලාඕසයේ ගුහාවක සිරවී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු තායිලන්ත සහන සේවකයින් විසින් බේරාගෙන තිබේ. සැයිසොම්බුන් (Xaisomboun) පළාතේ පිහිටි මෙම ගුහාව ගංවතුරින් යටවීම හේතුවෙන් මොවුන් සිරවී සිටි අතර, ඊයේ (29) රාත්‍රියේ තවත් පුද්ගලයෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් විය.
මෙම පුද්ගලයින් පස්දෙනා ඇතුළු ලාඕස් ජාතිකයින් හත්දෙනෙකු රන් සෙවීමේ අරමුණින් ගුහාව තුළට ඇතුළු වී ඇති අතර, හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගුහාවේ පිටවීම් මාර්ග අවහිර වී තිබුණි. ඒ අනුව ඔවුන් සතියකට වැඩි කාලයක් ගුහාව තුළ සිරවී සිටියේය.
















