දෙණියාය කලාපයේ දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් උපදෙස් මත, එම කලාපයේ පාසල් හතරක් තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ. ඒ අනුව දෙණියාය මධ්‍ය විද්‍යාලය ඇතුළු පාසල් හතරක් හෙට සහ අනිද්දා (මැයි 11 සහ 12) යන දිනවලදී ද වසා තැබෙන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාව තහවුරු කළාය.
රෝග ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් ගත් මෙම තීරණයට අනුව පාසල් යළි විවෘත කරන දිනය සෞඛ්‍ය අංශවල තක්සේරුව මත තීරණය වනු ඇත. දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව උදෙසා මෙම පියවර ගත් බවයි.














