පෑලියගොඩ පිහිටි නව මැනින් වෙළෙඳපොළ සංකීර්ණයේ අද අලුයම හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න ඇති වීමට බලපෑ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඉන් සිදුවූ දේපළ හානි පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන ඒකක සහ ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














